විෂය හා විෂය සමගාමි ක්‍රියාකාරකම් හිතට හදවතට හා අතට දැනෙන අයුරින් සිසු දරුවන්ට ලබා දෙමින් වැඩ ලෝකයට සාර්ථකව මුහුණ දිය හැකි ස්වභාව ධර්මයට පොඳු දේපොළ වලට ආදරය දැක්ව්මට හුරු කරමින් සිසු දරුවන් අතර ගැවෙසමින් අවශ්‍ය විටෙක අඩු පාඩු පෙන්වා දෙමින් ජය පරාජය එකසේ විද දරා ගැනීමට පුරුඳු කරවමින් එකිනෙකාගේ දූක් සැප ඛෙදාගනිමින්. දෙගුරුන්ගේ හා ප්‍රජාවගේ බලාපොරොත්තු ඉටු කර දෙමින් සාමකාමී පරපුරක් බිහිකරවීමට හ/ලූණුගම්වෙහෙර මහා විද්‍යාලයේ දූ පුතුන් සමග නව වැඩ ලෝකයට යාම අපගේ මෙහෙවරයි.
අ.පො.ස සා.පෙ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය 24 දා
2008 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ දෙවන කොටස නැවත වරක් 2009 ජනවාරී මස 24 දින පැවැත්වීමට නියමිතය. එම සිසුන් සදහා විශේෂ වැඩසටහනක් අප විද්‍යාලයේ ගණිත අංශය මගින් පවත්වනු ලැබේ.
වසර 08ක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු
දකුණු පළාත තුළ වසර 08ක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දී ඇත.ඒ අනුව ගුරුවරුන් 05 දෙනෙකු අප විද්‍යාලයට පැමිණ ඇත
රණවිරු ගුණ සැමරේ
කිළිනොච්චීය බේරාගත් අභීත රණවිරුවන්ට උපහාර පිණිස ගුණ සැමරීමේ උත්සවයක් 2009-01-05 දින අප පාසලේ ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
වෙබ් අඩවි නිර්මානය පිළිබද පුහුණු වැඩසටහනක්
2008-12-16 සිට පුරා දින තුනක වෙබ් අඩවි නිර්මානය පිළිබද පුහුණු වැඩසටහනක් කොළඔ දූරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පැවැත්ෙවී.මේ සදහා දකුණූ පළාතේ හා වයඔ පළාතේ පාසල් 18ක පරිගණක මධ්‍යසථාන භාරකරුවන් හා ගුරුවරුන් පිරිසක් සහභාගි ෙවී.
2008 අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට ළමුන් සැරසේ
මෙවර අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තුන්වන වාර අවසාන දිනයේදී ගුරුවරුන් සදහා සංග්‍රයක් පැවැත්වීය. එහිද සීසුන් හට ගුරුමණ්ඩලයේ සියළුම දෙනා ආශිර්වාද කරන ලදි.
පාසල් සිසුන්ට 2009 වසර සදහා පොත් හා නිළ ඇදූම් ලබා දේ
2009 වසර සදහා පාසල් සිිසන්ට පොත් හා නිළ ඇදූම් ලබාදීම උත්සවාකාරයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාෙවිදී පැවැත්විණි. එහිදී 2008 වසරේ හොදින්ම පොත් පාවිචිචි කළ සිසුනට සහතිකපත්‍ර ල්‍රබාදීම ප්‍රදේශයේ හිටපු සිංහල ගුරු උපදේශකතුමා අතින් සිදූකරන ලදි.
ඉසුරු පාසල් පුහුණුව නොවැම්බර් 09දා
ලූණුගම්වෙහෙර මහා විද්‍යාලය ඉුසුරු පාසලක් ලෙස බලගැන්වීමේ වැඩමුලුවක් හ/ලූණුගම්වෙහෙර මහා විද්‍යාලයේදී 2008-11-09වැනි දින දූරස්ථ පුහුණු මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්වීය.ඒ සදහා විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් විශාල පිරිසක් සහභාගි විය.
නව ගුවන් තොටුපළ මත්තල ප්‍රදේශයට
වීරවිල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ නව ගුවන් තොටුපළ විවිධ හේතුන් නිසා එම ප්‍රදේශයේ ඉදි නොකර මත්තල ප්‍රදේශයේ ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනයක් වරාය,ගුවන් තොටුපල හා නාවික කටයුතු අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණයෙන් සිදූවිය.